උතුරේ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ක්‍රීඩා දක්ෂතා ඉහළ නැංවීමේ අරමුණෙන් ක්‍රියාත්මක පුහුණු කදවුරක් ඊයේ (ජූලි !5) ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ,පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ සහ මෙවර ජගත් දැල් පන්දු තරගාවලියේ හොදම විදින්නිය වූ තර්ජණී සිවලිංගම් තේ පුධානත්වයෙන් ඇරඹීණි.මේ සදහා තරැණ තරැණියන් 2500 ක් පමණ සහභාගි වී සිටින අතර ඔවුන් සතු ක්‍රිකට්, පාපන්දු, රගර්, වොලිබෝල්, දැල්පන්දු, පැසිපන්දු, කරාටේ, ජූඩෝ, කබඩි, ජිම්නාස්ටික්, බැඩිමින්ටන්, ටෙනිස් සහ මලල ක්‍රීඩා යන ක්‍රීඩා ආශ්‍රිත දක්ෂතා වර්ධනයට මෙහි දි අවශ්‍යය පුහුණු උපදෙස් සැපයේ.
ජූලි 17 වන දා අවසන් වන මෙම තෙදින පුහුණු වැඩ සටහනට සහභාගි වන්නන් හට ක්‍රීඩා ඇදුම් කට්ටලය,ටී ෂර්ට්,පාවහන් සහ ආහාර නොමිලේ සැපයීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.තර්ජණී මෙන්ම තවත් ජාත්‍යන්තර පදක්කම්ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් ද මෙම පුහුණු කදවුරට සහභාලි වනු ඇතැයි විශ්වාසය පළවෙන අතර ඡායාරූප වලින් දැක්වෙන්නේ පුහුණු කදවුර ආරම්භ කිරිමට කිලිනොච්චි ප්‍රධාන ක්‍රීඩාංගණයට පැමිණී මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා,නාමල් රාජපක්ෂ සහ ලොහාන් රත්වත්ත යන පාර්ලමේන්තු මංත්‍රීවරුන් සහ තර්ජණී සිවලිංගම් යන පිරිස පිළිගත් අයුරුත්,තර්ජණී ක්‍රීඩිකාවන් පිරිසකට පහුණු සැසියක් පැවත් වූ අයුරුත් ය.
No comments:
Post a Comment